Nilupul Yuwale

නිලුපුල් යුවළේ

Lyrics

නිලුපුල් යුවළේ රතු තොල් සඟළේ
තැවරූ සෙනේ මුසු වී ඇදී
මා සිරුරේ වෙළේ
මා සිරුරේ වෙළේ

ගලන ගඟේ මඟ අහුරා
වැට කොටු බඳිනු නොහේ
සුළඟ වැදී මෙර නොසැලේ
නොහඬයි මලවි කුලේ
පෙම් සුවඳ කිසි දා මැකී නොයේ
පාවී යාවී සුසුම්

නිලුපුල් යුවළේ …

දවස පුරා ගුවනෙ සරා
බැසයයි ඇදිලි කරා
සියැස පුරා නිදි නොලබා
ඔබ ළඟ රැඳෙමි ළඳේ
පෙම් සුවඳ කිසි දා මැකී නොයේ
පාවී යාවී සුසුම්

නිලුපුල් යුවළේ …
මා සිරුරේ වෙළේ ///

Nilupul yuwale yuvale – Mervin Perera marvin

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists