Api Aye Hamu Nowena

අපි ආයේ හමු නොවනා

Lyrics

තරු සොඳුරුයි සඳ වට පිරි ගිම්හානේ
හද අදුරුයි දුක උතුරයි සන්තානේ
ප්‍රාර්ථනා මල් පීදෙයි වස්සානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ

තටු සවි නැති පැටවුන් ඇත කැදැල්ලේ
දමා කොහොම ගියෙ කියපන් කිරිල්ලේ
ගෝර වන සපුන් බෝමයි නිදැල්ලේ
මං විතරයි දෙදෙනා සිටි සදැල්ලේ

තුඩෙන් තුඩ කැවූ සතුටින් ඉපිල්ලී
මතක රාමු සී සීකඩ ඉගිල්ලී
නුඹට බැදුනු සිත තාමත් නොසෙල්ලී
කොතැන කියන් ගිනියම් ගිනි කිරිල්ලී

තරු සොඳුරුයි සඳ වට පිරි ගිම්හානේ
හද අදුරුයි දුක උතුරයි සන්තානේ
ප්‍රාර්ථනා මල් පීදෙයි වස්සානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ

Api Aye Hamu Nowana tharu sodurui soduruyi- Kasun Kalhara

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists