මල් පිපුනේ නැත

Lyrics

මල් පිපුනේ නැත ඔබ හමුවන තුරු
මිදුලේ කටරොලු මල් ගාලේ
මා දුටුවේ නැත ඔබ හිනැහෙන තුරු
මගෙම සිනා මගෙ සිත ඇතුලේ //

විශාල මේ ලොව තුල මා තනිවී හිඳින වෙලේ
හදිසියේම ඔබ මා දෑසේ පහළ වුනා
බලන්න පුදුමයි හිටිහැටියේම ලොව
ලස්සන වී අමුතු වුනා
තරු පිරි වැරුනා

කඳුහ‍ෙල් අතරේ මිහිඳුම වැඩෙන්න මට නොපෙනි
ඈතින් ඉනු මැන ඈතින් ඉනු මැන
ළඟා නොවනු මැන
ළඟා වුවොත් ඒ
සියල්ල මොභොතින් මැකිලා යයි
මහ ගඟක් වෙලා

මල් පිපුනේ නැත

Male mal Pipune Nataha – Rohan Shantha Bulegoda

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists