කල් බලා ඇවිත්

Lyrics

කල් බලා ඇවිත් තව්තිසා දෙසින්
ගම්දොරේ මගේ පොඩි විමානයේ
උන් සරා සඳත් අද අගේ නොවෙයි
නුඹ අරා සිටියි දිවි නිශාතලේ //

උණු දියෙන් තවා ගත ගිමන් නිවා
සුව බොජුන් තනා ළඟ රැඳෙන්නියේ
එන බොහෝ විකල් අන විනෙන් මුදා
සිත් පහන් ගිරේ හිරු මවන්නියේ

කල් බලා ඇවිත්

නොකරනා පුතුට අකුරු ඇල්මෙනා
ශිල්පයේ අරුම පහදවන්නියේ
ගුරු තරුව වගේ දිවි ගමන් තලේ
මරු කපොලු දුරැර මා රකින්නියේ

කල් බලා ඇවිත්

Kal Bala Awith avith – Rohan Shantha Bulegoda

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists