&

තාම තරුණයි

Lyrics

තාම තරුණයි රාත්‍රිය මනරම්
ළඟාවනු මැන සරා සඳ සමගින්
සීත කඳුළක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්

ලොවම සැතපෙයි අඳුර මධුරයි
සිහින වෙරළට පාව එන් රහසින්
ලොවම අඳුරුයි අඳුර රුදුරුයි
සිහින වෙරළේ අගාධය ගැඹුරුයි

තාම තරුණයි රාත්‍රිය මනරම්

කුමුදු හිනැහෙයි පවන සිසිලයි
ළපලු පලසට පා නගන් විගසින්
කුමුදු පරවෙයි පවන රළුවෙයි
ළපලු යහනේ විරාමය කඳුළයි

තාම තරුණයි රාත්‍රිය මනරම්

Thama Tharunai – Rohan Shantha & Deepika Priyadarshane priyadarshani

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists