Lyrics
මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය නුඹට කියන්න
තරහක් නැහැ නුඹ බැසයන්න
මගේ පුංචි රෝස මලේ …
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරණවානම්
ආසයි මම කවුළුපියන් හැරලා තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ …
Mage Punchi Rosamale rosa- Amarasiri Pieris peris
1 Comment
Leave a Reply
You must be logged in to post a comment.


අමරසිරි පීරිස් මහතා ගයනා කරන මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ රචනයක්. මෙම ගීතයට පාදක වෙන්නේ එක්තරා ගයකයෙක්ගේ අත්දැකීමක්. මෙය ධම්මික බණ්ඩාර මහතා පවසන විදිහට එම ගායකයා විසින් පවත්වාගෙන ගිය සංගීත පන්තියකට පැමිණි ගැහැණු ලමයෙක් කෙරෙහි බැඳුනු ආදරයක් නිසා ලියවුනු ගීයක්. එම ගැහැණු ළමයට වඩා ගායකයා වයසින් ඉතා වැඩි නිසා තම ආලය සඟවාගෙන ජීවත් වීමට ඔහුට සිදු වුණා.
දිනක් ධම්මික මහතා එම ගායකයා හමුවීමට ගිය විටෙක ඔහු මත්පැන් පානය කරමින් ඉඳ තිබෙනවා. ධම්මික මහතා දැකල ඔහු අඩමින් කිව්වලු, ගැහැණු ළමයා විවාහ වන බව කියල බුලත් දීල පිටත්ව ගියාලු. ඔහු දරාගන්න බැරි දුකෙන්ලු හිටියේ. මේ සිද්ධිය ගැන ධම්මික මහතා ලිව්වා ගීතය තමයි මගේ පුංචි රෝස මලේ….