මල්සර දුනු හීය නැතේ

Lyrics

මල්සර දුනු හීය නැතේ
වෙදැඟිල්ලට පාළු දැනේ
සිහින අහිමි මඟුල් පෝරුවේ
නැකැත් මවමි හීන් සීරුවේ

නෙතු මත තරු එළිය වැටී
මට හිනැහී නින්ද බිඳී
නෙතු මත තරු එළිය වැටී
මට හිනැහී නින්ද බිඳී
මල්සර දුනු හීය අහිමි මං
සිහිනේ සඳ කිඳුරිය වෙමි මං

මල්සර දුනු හීය නැතේ …

නෙක නෙක තරු රටා ඇඳී
පුස්කොළ සිය දහස් වෙතී
නෙක නෙක තරු රටා ඇඳී
පුස්කොළ සිය දහස් වෙතී
ගලපමි තව තවත් පොරොන්දම්
මට නැතිවට මංගල මුදුවක්

මල්සර දුනු හීය නැතේ …

Mal sara dunu heeya hiya nathe – Nanda Malani

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists