අයස්කාන්තියේ

Lyrics

අයස්කාන්තියේ
දැන් තමයි මට හිතෙන්නේ
මං ජීවත් වෙනවා කියා
හිත පෙරළන රුදු කාන්සියෙන්
ඔබ මා මුදවාගත් නිසා

සුව දුක් විමසන්නෙ
සුළඟක් පෙර මගට වෙලා
සෙනෙහසින් බලන්නේ
හිරුත් අපට හිස නමා //

අයස්කාන්තියේ …

හිත මිතුරුකම් පාන්නේ
මල් කෙමිත් සුවඳ පැන් සලා
හද ගිම් නිවන්නේ විහඟුන්
රස මියුරු ගී ගයා

අයස්කාන්තියේ
දැන් තමයි මට හිතෙන්නේ
මං ජීවත් වෙනවා කියා
හිත පෙරළන රුදු කාන්සියෙන්
ඔබ මා මුදවාගත් නිසා
ඔබ මා මුදවාගත් නිසා

Ayaskanthiye dan thamai – Amal Perera

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists