&

පිරුණා හද සන්තානේ

Lyrics

පිරුණා හද සන්තානේ
පිපුණ දෑ සමන් මල් යානේ
පිපුණ දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ ඕ…
මැවුණා සුබ සිහිනේ

සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ ඕ…
සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ
අප නොඉඳුල් පෙම දැක නේද කුමරුණි
තුරුහිස මල් පිපුණේ ඕ..
තුරුහිස මල් පිපුණේ

වීනාවයි එලිපත වාගේ
එක ඉත්තේ මල් දෙක වාගේ
නැලවෙන්නේ මා ඔබ තුරුලේ
සිට පොඩි කාලේ
මධුරාවී තී හමුවේදී
උපමා නැත මට රස පානේ
මෙ ලිය ගොමු අපගේ ප්‍රේම විමනයි
බොමු අපි ජය පානේ
පෙම් ලොව බොමු අපි ජය පානේ

පිරුණා හද සන්තානේ …

ඉදින් ගයමු මෙම සංගීතේ
දිය ඇල්ලයි අප සංගීතේ
සංගීතේ වේවා ඔබගේ නයනාරූපේ ඕ…
සංගීතේ ඔබගේ නයනාරූපේ ඕ…
ජීවන ගීයේ ඕ…
ජීවන ගීයේ

පිරුණා හද සන්තානේ
පිපුණ දෑ සමන් මල් යානේ
පිපුණ දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ ඕ…
මැවුණා සුබ සිහිනේ

සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ ඕ…
සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ
අප නොඉඳුල් පෙම දැක නේද කුමරුණි
තුරුහිස මල් පිපුණේ ඕ..
තුරුහිස මල් පිපුණේ

පිරුණා හද සන්තානේ
පිපුණ දෑ සමන් මල් යානේ
පිපුණ දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ ඕ…
මැවුණා සුබ සිහිනේ

Piruna Hada Santhane – Haroon Lanthra / Sujatha Aththanayaka

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists