&

ජීවිතේ යෞවන යාමේ

Lyrics

ජීවිතේ යෞවන යාමේ
කල්පනා ස්වප්න ලෝකේ
ආදරේ රාත්තරන් සිහිනයයි මා

සීතලේ මල් වරුසාවේ
ආදරේ චංචල ලෝකේ
මා ඔබේ රාත්තරන් සිහින දකිම්

ජීවිතේ යෞවන යාමේ
කල්පනා ස්වප්න ලෝකේ

නෙළලා කුසුමන් වරල ගසායා
උසුලා රන්හසුන් ළමැද සලායා
දොඩනා බස පෙම් ප්‍රිය තෙපුලායා
සඳවන් ආදර වත බබළායා

ආදරේ රාත්තරන් සිහින දකිම්
ජීවිතේ යෞවන යාමේ
කල්පනා ස්වප්න ලෝකේ
ආදරේ රාත්තරන් සිහින දකිම්
සීතලේ මල් වරුසාවේ
ආදරේ චංචල ලෝකේ

දොඩනා තෙපූලා හද සරසායා
ළමැදේ ආදර සුවඳ ගලායා
දහාසක් හැඟුමන් එළිය කරායා
ඔබේ නෙත් පහනෙන් කැලුම් හෙලායා

ආදරේ රාත්තරන් සිහිනයයි මා
සීතලේ මල් වරුසාවේ
ආදරේ චංචල ලෝකේ
මා ඔබේ රාත්තරන් සිහින දකිම්

ජීවිතේ යෞවන යාමේ…..

Jeewithe yauwana yavvana yame-Haroon Lanthra & Sujatha Aththanayaka

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists