චන්ද්‍රයා පායා

Lyrics

චන්ද්‍රයා පායා එනවා ප්‍රියේ
සීත සුළඟයි කියාලා ගියේ //
නිසලතාවෙන් මැවූ රාත්‍රියේ
ආදරේ වේදනා දෙයි ළයේ

වේදනාවෙන් වගේ සාගරේ
කැලඹිලා හඬ නඟා රැල් බිඳේ
හිතට වද දී අනේ මේ වගේ
ඔබ කෙසේ ඉන්නදෝ රන් කඳේ

ඉපදිලා එක ගහේ මල් වගේ
නැළවිලා සැනසිලා ලෝකයේ
ජීවිතේ ඇති තුරා ඔබ මගේ
ඒ තමා මා පැතූ දේ ලොවේ

සීත සඳරැස් වැටුණු නිල් දියේ
මතු වෙලා මට පෙනේ රූ ඔබේ
මා සොයා ආ උතුම් ආදරේ
ඇති වෙලා නැති වුණාදෝ මෙසේ //

Chandraya paya- Haroon Lanthra

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists