මගෙ නාමලී බැදි ආදරේ

Lyrics

මගෙ නාමලී බැදි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැදි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ

රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා
ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා
මනමාලියේ මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා

බට ලී හඩේ තාලේ මගේ
ඉන් ආදරේ හඬ පිටවුනා
අනුරාගියේ හඳ නලවනා ඒ
ගී හඩේ ඔබ සැඟවුනා

මනමාලියේ, මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැදි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ

Mage namali naamali namalee badi adare – Haroon Lanthra

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists