පළිඟු තලාවෙක

Lyrics

පළිඟු තලාවෙක වන තුරු වදුලෙක
චන්දන සිසිල දැනේ
කරුණා දයාව අතර උදා කල
කරුණා දයාව අතර උදා කල
චින්තන සුවය ගෙනේ
පළිඟු තලාවෙක වන තුරු වදුලෙක

වසන්ත සමයෙක සමන් ලතාවෙක
පොපිදෙන සුදට සුදේ //
සමන් පියලි මත ගිමන් නිවන්නැයි
සමන් පියලි මත ගිමන් නිවන්නැයි
වරෙකදි සිතට නැගේ

පළිඟු තලාවෙක…..

චමත්කාර බව අඳුනමි  හිමියෙනි
සොබා සොඳුර තුරුලේ //
මුවෙක්ද ඇති සුව පාලුව සොඳුරුයි
කිමෙක්ද ඇති සුව පාලුව සොඳුරුයි
සොඳුරියෙ දුගී පැලේ

පළිඟු තලාවෙක…..

Palingu thalaweka thalavaka -Somathilaka Jayamaha

More from elon

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists