Lyrics
කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයැදින්නට එපා මගෙන් //
කුළුඳුල් සෙනෙහස ඔබගේ
පුදකල දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනිවේ නම්
කඳුලු බිඳක්…..
එක මග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්
කඳුලු බිඳක්…..//
Kandulu kadulu bindak bidak -Rookantha Gunathilake rukantha
♪
1 Comment
Leave a Reply
You must be logged in to post a comment.


https://sinhalasongs.net/wp-content/uploads/2024/01/kadulu-bidak-ma-wenuwen.jpg