හදවත පාරන සොඳුරු හැඟුම්

Lyrics

හදවත පාරන සොඳුරු හැඟුම්
හිර කරගෙන හිටියා ඇති දැන්
සවනට ළං වී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින් //

ඇසට ඇස තියා බලාන ඉන්න
ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
ඉමක් නැතිව මල් හාදු පුදන්න
හිනාවෙලා මගෙ පෙම පිළිගන්න

කඳුළු පිසදමා සිනහ නඟන්න
අඳුරු ‍ලොවට මිණි පහනක් වෙන්න
සංසාරෙම එක් වෙලා හිඳින්න
මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න

හදවත පාරන සොඳුරු හැඟුම්…..

hadawatha hadavatha parana sonduru hangum- Roshan Fernando

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists