&

තිසර විලේ

Lyrics

තිසර විලේ පියුම නෙලු සිනාවේ
එළිය මගේ අරණ දොවා ගලා ඒ
ඒ සිනාවේ… සැගවුනාවේ…
පෙර ඔබත් මමත් හෙලු කදුළු දුමාරේ

තිසර විලේ පියුම නෙලු සිනාවේ
එළිය මගේ අරණ දොවා ගලා ඒ
ඒ සිනාවේ… සැගවුනාවේ…
පෙර ඔබත් මමත් හෙලු කදුළු දුමාරේ

ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා
ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා
සංසාර මගට රන් එලිවැට සේ මා
ඔබ ඉරත් හදත් මගෙ අහසට ගෙනාවා

මාරුතයේ සිහිල සදා සෝ විරහී තාප නිවා
මාරුතයේ සිහිල සදා සෝ විරහී තාප නිවා
අනුරාග දෙනෙත අයදින විලසේ මා
ඔබ විලත් බිගුන් එක යහනට ගෙනාවා

තිසර විලේ පියුම නෙලු සිනාවේ
එළිය මගේ අරණ දොවා ගලා ඒ
ඒ සිනාවේ… සැගවුනාවේ…
පෙර ඔබත් මමත් හෙලු කදුළු දුමාරේ
තිසර විලේ පියුම නෙලු සිනාවේ

Thisara wile vile piyuma nelu – Greshan Ananda and Samitha Mudunkotuwa

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists