Kusumata lanvee

කුසුමට ලංවී

Lyrics

කුසුමට ලංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා

ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන්
ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන්
හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින්
මා රිදවා සතුටු නොවෙන්

කුසුමට ලංවී රොන් ගන්නා …

හෙට පායන හිරු කිරණින්
යලි මා විකසිත වේවී
හෙට පායන හිරු කිරණින්
යලි මා විකසිත වේවී
ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
යලි මා මුකුලිත වේවී

කුසුමට ලංවී රොන් ගන්නා …

මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා

Kusumata lanwi lanvee lanwee- Chandralekha Perera

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists