සිලිං බිලිං

Lyrics

සිලිං බිලිං සිලිං බිලිං කූරු වළලු පාට හතේ මාල පබළු
වෛවාරන අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාලිගාව පොලට ඇවිල්ලා

කතා කරන බෝනික්කෝ පියා සලන සූටික්කෝ
කාසිවලට මාරු වෙලා අතින් අතට යනවා
මල් ගව්මේ අග හිග තැන්
දෙහි කටුවෙන් හංගාගෙන
පුංචි ඇහේ කඳුලැල්ලෙන් බැලුම් හෙලනවා

සිලිං බිලිං…..

මද්දහනේ හිරු දෙවියෝ කැඩපතකින් ඔරවනවා
බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
අල්ලන්නට ආස ඇති කඳුලු වලට දෙන්නෙ නැති
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොදවී මැකුනා

සිලිං බිලිං…..

silin bilin-Neela Wickramasinghe Nila

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists