&

දේදුන්න සේදී

Lyrics

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී ඈ හද ගින්න අවුලා පිටගම් යනවා බොඳවී පෙනුණා

බාලේ ඉඳලා හද බැඳි ආදරේ ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ

කාලේ ගෙවිලා මං ගම ආ දිනේ ඈ කරකාර බැඳලා නොකියා ගියේ

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා

මාදං කැලෑවේ ළඳු ඕවිටේදී බාලේ ඉඳන් කී කවි ගීතිකා

පාවී ගියාවේ සුළඟේ වෙළීලා ආලේ නමින් වූ හද ගී මකා

නොසිතූ සේ… ආදර මල්පෙති විසිරෙයි සිත වැළපේ සුහදේ…
නොපැතූ සේ… යායුතු වේ මේ ඉරණම් ගමනේ කඳුලින් මෙසේ…

දේදුන්න සේදී ………

නීල වැල්ලේ වැව් තාවුලේදී දිවුරා හදින් ඈ බහ දුන් නිසා
දෑසින් මහෝගේ උතුරා ගැලූ ඒ දොරේ ගැලූ දා බැඳි ආදරේ තනි වූ දා…
මවු පිය සෙනෙහසටයි හිස නැමුණේ රහසේ…
නොපැතූ දා… මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ තරු ඇස් වැසේ…ද

දේදුන්න සේදී …….

බාලේ ඉඳලා හද බැඳි ආදරේ ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ

කාලේ ගෙවිලා මං ගම ආ දිනේ ඈ කරකාර බැඳලා නොකියා ගියේ

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා

Dedunna Sedi Wa Nilla Athura – Bathiya and Santhush ft Asha Bhosle BnS

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists