Lyrics
කොබෙයියනේ අළු කොබෙයියනේ//
තෝර පෙතේ අර වැට ලග නිදන්නේ
මන්ද මා පුතු මගේ දෝතට නොදෙන්නේ
කොබෙයියනේ අළු කොබෙයියනේ
බිනර කළුවරට ගම් දොර ගියේ නිදි වරා
පැලේ මිණි පහන රැක්කයි යහන් මත තියා
සුළං දොර ඇරන් ඇවිදින් අඳුර දී ගියා
කොයිද පුතු කොයිද නාවේ ඇයි ද පෙම්බරා
කොබෙයියනේ අළු කොබෙයියනේ
යාය දෙගොඩ පාළුව ඇහැරිලා රෑ පුරා
තනා කුළුණු ගුණ සී පද පුතුට කියනවා
වහන් වී ගියත් නෙත පිට ඉන්න තැන කියා
එන්න පුතු මගේ දෝතට එන්න පින් සරා
කොබෙයියනේ…..
Kobeiyane-Deepika Priyadarshani

