දිනෙක රන් සළු

Lyrics

දිනෙක රන් සළු පලදා සඳ නැගී මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් //
ඇසුරු කල කම්පන හා සැනසිලි පස මිතුරු
ගෙවුණු යෞවන විය තනි නොතනියේ වුන් අයුරු
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැද දා පවුරු
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇති දෝ කවුරු
දිනෙක රන්…
වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා
පවස සංසිදවන ලෙස දිය උල්පත් අරවා
පරව ගිලිහෙන තුරු සියොළග කළු සළු පොරවා
ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා
දිනෙක රන්…

Dineka dhineka Ran Salu Palada Sanda Nagi Melawen – Milton Mallawarachchi

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists