ආදර සැමරුම්

Lyrics

ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ //

එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
…
දහසක් මිණි මල් ලිය කම් පෙම පිදු වූ රන් කැටයම් //

යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා චමත්කාර අතීත සඳ යළිත් ජනිත වේවා
ආදර සැමරුම් කැටි වූ ….

අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා //

මැදුරත කිරිගරුඬ පවුරු පවා කැළුම් දේවා සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා
ආදර සැමරුම් කැටි වූ ….

ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ

Adara Samarum Kati Vu – Sanath Nandasiri, Lyrics – Ajantha Ranasingha

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists