දරා දිරි වඩා

Lyrics

දරා දිරි වඩා පුරා දස පෙරුම් බොහෝ ස්නේහයෙන් තනන්නේ පුතුන්
පුරා විඳි දුකින් මුදා මවුපියන් සරා සඳ ලෙසේ දිලෙයි සොඳ පුතුන්

සඳක් නොම වුවත් වෙලා ගෙයි පහන් ටැඹක් වී හිඳින් අපේ හද තුලින්
තුටක් කිම කියා නොදත් අය ඈතින් සොඳින් සැනසියන් නුඹත් ලද දෙයින්

දරා දිරි වඩා පුරා දස පෙරුම්…

හඬන්නට එපා හෙලා දුක් සුසුම් සෙමින් පිබිද එන් සඳක් සේ රැයින්
දුකින් ලද ජයයි සදාකල් උතුම් මඩෙන්මයිලු ඒ පිපෙන්නේ නෙලුම්

දරා දිරි වඩා පුරා දස පෙරුම්…

Dara diri wada – T.M.Jayarathna

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists