Lyrics of Weda Ari Wadata Yathi Gahanu
හිස දරා දිවා කටු ඔටුනූ
බිම බලා හෙලා සඳ මුහුනූ
ගොම්මනේ කිරණ වී අරුණූ
ගැහැනූ… ගැහැනූ…
වැඩ ඇරී වැඩට යති ගැහැනූ
සිහිනයේ පිරී මිණි පබළූ
රෑ ගඟේ ගියත් වී කඳුළූ
ළය පැතුම් බරින් නිති පිරුණූ
ගැහැනූ… ගැහැනූ…
වැඩ ඇරී වැඩට යති ගැහැනූ
හිස දරා දිවා කටු ඔටුනූ
බිම බලා හෙලා සඳ මුහුනූ
ගොම්මනේ කිරණ වී අරුණූ
ගැහැනූ… ගැහැනූ…
වැඩ ඇරී වැඩට යති ගැහැනූ
සෙනෙහසේ නොසෙල්වෙන පවුරූ
ගෙයි තනන්නදෝ වෙන කවුරූ
හෙට උදෑසනට හද හැරුණූ
ගැහැනූ… ගැහැනූ…
වැඩ ඇරී වැඩට යති ගැහැනූ
හිස දරා දිවා කටු ඔටුනූ
බිම බලා හෙලා සඳ මුහුනූ
ගොම්මනේ කිරණ වී අරුණූ
ගැහැනූ… ගැහැනූ…
වැඩ ඇරී වැඩට යති ගැහැනූ
මිනිසුනේ හදැස් ඇර බලනු!
Weda Eree Wedata Yathi Gehenu – Sashika Nisansala


Comment