Eya Wasanthaya Nowe

එය වසන්තය නොවේ | Eya Wasanthaya Nowe

Lyrics of Eya Wasanthaya Nowe

ඔබ ඇවිත් ගිය මගක පියවර ළකුණු නොසොයමි
තව දුරක් එක්ව යන්නට බැරි කරුණු සොයනෙමි
එය වසන්තය නොවේ එකමෙක මලක් බව දැනී
යළි මතක නැති නොවන ලෙස මම සුවඳ විඳගමි

රළ බිඳෙයි හෙටත් වෙරලක
නුඹ ලඟක නැතියෙනි
හිත බිඳී යන්න නොම දී
යලි යලි හදාගමි

හමුවන්න යැයි සසර නොකියන
කරුණු ඇතියෙනි
මතු මතුත් හමුවුනෝතින්
ආදරෙයි නොකියමි

ඔබ ඇවිත් ගිය මගක පියවර ළකුණු නොසොයමි
තව දුරක් එක්ව යන්නට බැරි කරුණු සොයනෙමි
එය වසන්තය නොවේ එකමෙක මලක් බව දැනී
යළි මතක නැති නොවන ලෙස මම සුවඳ විඳගමි

Eya Wasanthaya Nowe (එය වසන්තය නොවේ) | Chapa Jayaruk

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists