Man Hinda Obe
&

මං හින්දා ඔබෙ | Man Hinda Obe | Song & Lyrics

Lyrics of Man Hinda Obe

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුළක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැඟෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැඳී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුළක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැඟෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැඳී
ඔබ සිරකරලන දොරගුලු දමණු බැරී
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුළක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැඟෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

Man Hinda Obe manhinda nethagin – Gunadasa Kapuge, Lucien Bulathsinhala, and Malani Bulathsinhala

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists