Sansare Purawata

සංසාරේ පුරාවට | Sansare Purawata | Song & Lyrics

Lyrics of Sansare Purawata

සංසාරේ පුරාවට අපි අපිට හිමි වෙන්න
ජීවිතේ තිබෙන තුරු ඔබෙ තුරුලෙ නැලවෙන්න
ඉල්ලන්නේ හැම වෙලේ අනෙ ඔබව රැක ගන්න
මං කරපු සියලු පිං ඔබෙ නමට බැර වෙන්න
ඔබව රැක ගන්න
ඔබෙ තුරුලෙ නැලවෙන්න

ආදරේ සොඳුරු තැන් ඔබෙ අතින් හැඩ උනා
ජීවිතේ සදාකල් සැනසීම ඔබ උනා
සංසාරේ කල පිනට අපි අපිට හිමි උනා
එදා සිට ඔබෙන් තොර ලොවක් මට නැති උනා
ජීවිතේ බර වැඩියි විටෙක මට වැටහුණා
සැනසීම මං ඔබෙන් හොයන්නට හුරු උනා
කඳුලු සඟවා හිනැහෙන්න ඔබ හින්දා හැකි උනා
ඔබ නිසා ජීවිතේ සතුට මට හිමි උනා

සංසාරේ පුරාවට අපි අපිට හිමි වෙන්න
ජීවිතේ තිබෙන තුරු ඔබෙ තුරුලෙ නැලවෙන්න
ඉල්ලන්නේ හැම වෙලේ අනෙ ඔබව රැක ගන්න
මං කරපු සියලු පිං ඔබෙ නමට බැර වෙන්න
ඔබව රැක ගන්න
ඔබෙ තුරුලෙ නැලවෙන්න
අපි අපිට හිමි වෙන්න

Sansare Purawata puravata – Siyumini Opayangi

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists