Noena

නොඑනා | Noena | Song & Lyrics

Lyrics of Noena

සිනහව අතරින් මතකය ලියමින් කවියක අරුතින් මා
තාමත් අපගේ වියපත් ඇසුරේ පෙර මඟ ඇවිදිනවා
අන්සතු හදකින් සෙනෙහස විඳිමින් සැනසුන වරදින් මා
කාටත් රහසේ සුවපත් මාගේ හිත දැන් විඳවනවා

නොඑනා ඔබ සොයනා කිසිදා මගෙ නොවෙනා
නැවතත් හිමි නොවෙනා දිනයක අපි හමු නොවෙනා

අහසින් වැටෙනා වැහි බිඳු වාගේ නිහඬව පොළොවට මේ
කඩා හැලෙනවා කඳුලැලි මාගේ නුහුලන දෙනෙතින් මේ
නිතැතින් වැසෙනා ඇසි පිය පතුලේ නොපෙනෙන දුක අද මේ
ලියා තියෙනවා මගෙ හිත පතුලේ නොකිළිටි සෙනෙහස මේ

තරුවක් නොඑනා අහසක රිසිසේ පායන සඳ ලෙස මේ
හඬා වැටෙනවා තනිකම පහසේ ඔබ නැති ලොව අද මේ
කිසිවක් නොහනා අප සිත් අතරේ ඇති මහ සෙනෙහස මේ
ලියා මියෙනවා අපිටම සසරේ නොලැබෙන බව දැන මේ

නොඑනා ඔබ සොයනා කිසිදා මගෙ නොවෙනා
නැවතත් හිමි නොවෙනා දිනයක අපි හමු නොවෙනා

Noena oba soyana kisida mage nowena – Sinahawa atharin – Raveen Tharuka

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists