Susaneta Thawa Tika Durai

සුසානෙට තව ටික දුරයි | Susaneta Thawa Tika Durai | Song & Lyrics

Lyrics of Susaneta Thawa Tika Durai

සුසානෙට තව ටික දුරයි
මේ ගමන යන්නේ
කා නමින්දැයි දන්නේ නුඹ විතරයි
දන්නේ නුඹ විතරයි

මහා සෙනගක් ඇවිත් හිටියත්
නාවේ නුඹ විතරයි
නාවේ නුඹ විතරයි
නාවේ නුඹ විතරයි

පිඬෙන් පිඬ පස් පිඬු වැටෙද්දී
දැන් එතැයි හිතුණා
මාව යට කළ පස් කන්ද උඩ
නුඹ හැපෙයි හිතුණා
නුඹ හැපෙයි හිතුණා

අඳුර බෝ වූ සොහොන් බිම මත
පහන් දැල්වූවා
එකම පහනක් නුඹෙ අතින්
දැල් වේවි හිතුණා
දැල් වේවි හිතුණා

මහා සෙනඟක් ඇවිත් හිටියත්
නාවේ නුඹ විතරයි
දන්නේ නුඹ විතරයි

Susaneta thava tika durayi – Karunarathna Divulgane

More from Admin

Uploaded by
12 followers

1 Comment

  1. සටහන : බී.ජී .යසන්ති දුලාංජලී පෙරේරා,ශාස්ත්‍ර පීඨය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය

    ගීතය යනු සැබැවින් ම මනුෂ්‍යයන්ගේ ආත්ම ප්‍රකාශනයක ප්‍රතිබිම්බයකි. හුදෙක් අකුරුවලට සීමා නොවී ඉන් එහාට සිතන්නට බොහෝ දේ ඒ ගී පදවැල් අතර ඉතිරිව ඇත. එයට හඬ, සංගීතය මුසු වූ විට එහි රසය තව තවත් තීව්‍ර වනු ඇත.

    “සුසානෙට තව ටික දුරයි
    මේ ගමන යන්නේ කා නමින් දැයි
    දන්නේ නුබ විතරයි
    මහා සෙනඟක් ඇවිත් හිටියත්
    නාවේ නුබ විතරයි..
    නාවේ නුබ විතරයි…”

    ජීවිතය නම් වු දිගු ගමන තුළ දී කොතකුත් මිනිසුන් අපට මුණගැසුණ ද එක් හමුවීමක් ජීවිත කාලය පුරාව ම අපේ මනසේ රැඳෙනු ඇත. විවාහය ලෙස කඩදාසියක් ඇතුළත දී අප එකිනෙකා නීතියෙන් අයිති කර ගත්ත ද මිනිසෙකුගේ මුළු ආත්මය ම ස්පර්ශ කොට ගත්, අයිතියක් නැති ආත්මය ලියා තබා ගත් හමුවීමක් තිබෙනු ඇත. ඒ සොඳුරු හමුවීම බොහෝ විට මතක ඉතිරි වූ මඟහැරීමක් ද විය හැකිය.
    නමුත් ජීවිතයේ අවසන් මොහොත දක්වාත්, ඉන් පසුවත් ඒ වෙනුවන් මඟ බලා ඉන්නවුන් බොහෝ ඇත.

    “මහා සෙනඟක් ඇවිත් හිටියත්
    නාවේ නුබ විතරයි- නාවේ නුබ විතරයි”

    අයිතියික් නැති මිනිසුන් වෙනුවෙන් මඟ බලා සිටි මිනිසුන් බොහෝ වේ. කොයිතරම් ජීවිතයට මිනිසුන් ගොඩ වැදුණද, නැවත හැරදා ගියද,
    ඒ සියළු මතක අහිමිව ගියත් එක් මතකයක් අපේ මනස තුළ ඉතිරි වනු ඇත. එමෙන් ම ජීවිතය පුරාවට අයිතිය හදවත් තුළ පමණක් දරාගෙන ජීවත් වන්නට ඇත.

    “අඳුර බෝ වූ සොහොන් බිම මත පහන් දැල්වූ..
    එක ම පහනක් නුබ අතින් දැල්වේවි සිතුණා
    දැල්වේවි සිතුණා”

    මෙහි මා දකින සුවිශේෂි බව වන්නේ මිය ගිය කෙනකුගේ සිතුවිලි ඔස්සේ සිදු කරන ඒ අපූරු පාපොච්චාරණයයි. ජීවිතේ කොයිතරම් දෙනාගෙන් අවසන් ගෞරව ලැබුණ ද ගෙවණු හැම තප්පරයක ම සිහිවුණු ඒ ආත්ම අයිතිකරුගේ අවසන් ගෞරවය දෙස තාමත් බලාපොරොත්තු සහගතව බලාසිටින්නට වී ඇත.
    ඉතින් අයිතිය නැති බෝහෝ තැන්වල ප්‍රේමය අපූරුවට රැකී තිබුණා. එය තුන්වෙනි පාර්ශවයක් තුළ වුවද විය හැකිය. මඟ බලාහීදිම්, මතක ගොන්නක් පොදි බැඳන් මඟහැරී ගිය ආත්මීය ස්පර්ශක ප්‍රේමයක් දෙස මිය ගිය පසුවද බලා සිටිනවුන් සිටිනවා විය හැකිය .

    #vibhavasocial

🎵 Music Queue Add songs & save playlists