දෙවුරේ දිලෙනා

Lyrics of Dewure Dilena

දෙවුරේ දිලෙනා සොඳ මුතුමාල පලඳන්නා
දෙකනේ ලෙලෙනා රන්මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා
දෙවුරේ දිලෙනා සොඳ මුතුමාල පලඳන්නා

සමනොළ මලුවේ රන්වැලි වෙහෙරේ
මුදුනත සේම මට දැනෙනා
සොබනිගේ සෙනෙහේ ගෙපැලට වඩනා
සුබ හෝරාව ළං වෙනවා
යමු රජුනේ පමා වෙනවා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා

ගොම මැටී ඇතිරූ තනිකඩ ගෙපැලේ
සිරිලිය සේම ඈ හිඳුවා
ගම්මානේ පුරා කල එළි කරවා
මම හත්දා මගුල්‌ කනවා
මේ පිං උඹට පිහිටනවා

දෙවුරේ දිලෙනා සොඳ මුතුමාල පලඳන්නා
දෙකනේ ලෙලෙනා රන්මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා
දෙවුරේ දිලෙනා සොඳ මුතුමාල පලඳන්නා

Devure Dilena – Janaka wickramasingha wikramasinha

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists