Sunila Neth Pokune

සුනිල නෙත් පොකුණේ

Lyrics

සුනිල නෙත් පොකුණේ
කඳුළු දියවර පිරී ඉතිරුණ
සුසුම් මඳ පවනේ
හිතේ ගින්දර නිවී සැනසුණ
ඔබේ මුනිවර පෙමට පිටු පෑ
අසම්මතියයි මා
අසම්මතියයි මා

මාලතී පෙති හැලී පරවුණ
ඉඩොරේ දවසක
ඔබේ දෙතොලග පිපුණු කුසුමක
සුවඳයි විතරයි
සුවඳ විතරයි අදත් මගෙ ලඟ

තාරකා ගිනි වැදී අළු වුන
හුදෙකලා අඳුරක
ඔබෙන් මතුවුන කඳුළු කැටයක
සිහිල විතරයි
සිහිල විතරයි අදත් තනියට

සුනිල නෙත් පොකුණේ
කඳුළු දියවර පිරී ඉතිරුණ
සුසුම් මඳ පවනේ
හිතේ ගින්දර නිවී සැනසුණ
ඔබේ මුනිවර පෙමට පිටු පෑ
අසම්මතියයි මා
අසම්මතියයි මා

Sunila Neth Pokune – Sashika Nisansala shashika

More from raccoon

Featured on

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists