Pandarin iskoleta

පාන්දරින් ඉස්කෝලෙට

Lyrics

පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට
හනි හනිකට උඹ යනකොට
පාර කියන්නෑ තෝනෙන්
පාර තියන්‌නෑ කෙවිටෙන්

පුංචි කාලෙ උඹට බොන්න
එරිච්ච කිරි බිව්වලු මං
වත්ත පහල උඹේ පිනුම්
දැක්කම හිනැහුනාලු මං
ලාඩම් නැති උඹේ පා කුර
ගල් කන්දෙදි රිදෙන තරම්
උඹේ කදුළු මට කියද්දී
උඹට හොරා අඩනවා මං
පාර කියන්නෑ තෝනෙන්
පාර තියන්‌නෑ කෙවිටෙන්

ඉස්කෝලෙන් ශිල්ප අරං
මං ලොකු මිනිහෙක් වෙන්නම්
බිව්ව කිරට ඇද්ද බරට
කළගුණ මං සලකන්නම්
බැරි බර දෙන මේ වියකර
උඹේ කරෙන් ගලවන්නම්
උජාරුවට දුව පනින්න
ගෙජ්ජී වැලක් පලදන්නම්
පාර කියන්නෑ තෝනෙන්
පාර තියන්‌නෑ කෙවිටෙන්

පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට
හනි හනිකට උඹ යනකොට
පාර කියන්නෑ තෝනෙන්
පාර තියන්‌නෑ කෙවිටෙන්
පාර කියන්නෑ තෝනෙන්
පාර තියන්‌නෑ කෙවිටෙන්
පාර කියන්නෑ තෝනෙන්
පාර තියන්‌නෑ කෙවිටෙන්

Pandarin Iskoleta – Harshana Dissanayake

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists