Oba Wenuwenma Thama

ඔබ වෙනුවෙන්ම තමා | Oba Wenuwenma Thama | Song & Lyrics

Lyrics of Oba Wenuwenma Thama

මුවරැදි හසරැල්ල පානා
පායන සඳ ම සේ දිලෙනා
දෑසක මා සෙව්ව සේමා
පිවිතුරු ආදරේ ගලනා

මගෙ හිත ලඟ දවසක නතර වෙලා
බලනවනම් මුළු හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා

මේ සීත රෑ යාමේ තුරුලේ හොවා
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හිත කිතිකවා
සුරලියක සේ ඉන්න මට ලංවෙලා

මගෙ හිත ලඟ දවසක නතර වෙලා
බලනවනම් මුළු හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා

දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා

Oba Wenuwenma Thama – Udaya Sri Wickramasinghe

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists