Mage Samarum Pothe

මාගේ සැමරුම් පොතේ

Lyrics of Mage Samarum Pothe

මාගේ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
නොයමි හැරදා ඔයා
ඔබ මගේ යැයි කියා
පැතුවේ සිතුවේ බොරුවටද ඔයා
මාගේ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා

පාසල හැර අපි වෙන්ව ගියා
මතක සේයා මවා
ඔබ ලියුදේ තියා
කී දේවල් පවා
සුළෙඟ් විසිරි දුවිල්ල වාගේ

මාගේ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා

උණුසුම් ආදර වදනක් පොතේ
අද ඇතේ ලියවිලා
මා සිතින් වැළපිලා
සොඳුරු සැමරුම් බලා
සැමදා මෙලෙසේ
සිහිකරමි ඔයා

මාගේ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
නොයමි හැරදා ඔයා
ඔබ මගේ යැයි කියා
පැතුවේ සිතුවේ බොරුවටද ඔයා
මගේ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා

Mage Samarum Pothe – Priya Sooriyasena

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists