Aha Aha Adaraneeya Sina

අහා අහා ආදරණීය සිනා

Lyrics

අහා අහා ආදරණීය සිනා ඔබේ
අහා අහා ආදරණීය සිනා
මගේ නෙත් තුරුල්ලේ
නිදැල්ලේ සැතපෙනා
අහා අහා ආදරණීය සිනා ඔබේ
අහා අහා ආදරණීය සිනා
හදේ මල් ලතාවේ
සුගන්දේ විහිදෙනා
අහා අහා ආදරණීය සිනා ඔබේ‍
අහා අහා ආදරණීය සිනා

හෝ සුළං වැල් ගීත ගයා යයි
නොදන්නා ගීත ගයා යයි
සුළං වැල් ගීත ගයා යයි
සයුරෙහි දියරැලි මෙනි මගෙ සිතිවිලි
කියාගන්න ගොතලා තියම්ද කෙසේ
අහා අහා ආදරණීය සිනා ඔබේ
අහා අහා ආදරණීය සිනා

හෝ ඔබේ මේ බැල්මෙන්ම තේරේ
හදේ ඇති චංචල භාවේ
ඔබේ මේ බැල්මෙන්ම තේරේ
දෙතොල සැලෙන හැටි
ඇසිපිය ලන හැටි
නුපුරුදු තැන්වල ඔහොම තමයි
අහා අහා ආදරණීය සිනා ඔබේ
අහා අහා ආදරණීය සිනා
හදේ මල් ලතාවේ
සුගන්දේ විහිදෙනා
අහා අහා ආදරණීය සිනා ඔබේ
අහා අහා ආදරණීය සිනා ඔබේ
අහා අහා ආදරණීය සිනා ඔබේ

Aha Aha Adaraneeya adaraniya ආදරනීය ආදර Sina – H R Jothipala

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists