Waaru Nagen

වාරු නැගෙන් සිත

Lyrics

වාරු නැගෙන් සිත වීරිය එන්නට
අතුරේ යනෙනා ගමනේ
හීන් සීරුවේ පහළ බසින් පුත
ගොම්මං අඳුරයි මග එන්නේ
//

මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු
නිරතුරු දෑසින් මතුවෙන්නේ
මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු
නිරතුරු දෑසින් මතුවෙන්නේ
සිතේ තියෙන දුක නෙතින් දරාගෙන
කවදා සැනසුම් ලැබ ගන්නේ

වාරු නැගෙන් සිත වීරිය එන්නට
අතුරේ යනෙනා ගමනේ
හීන් සීරුවේ පහළ බසින් පුත
ගොම්මං අඳුරයි මග එන්නේ

මව්පිය දෑතේ සවි බල සිඳීලා
ජීවිතයේ මේ සැන්දෑ යාමේ
මව්පිය දෑතේ සවි බල සිඳීලා
ජීවිතයේ මේ සැන්දෑ යාමේ
සුහුඹුල් දෑතට වරම් ලැබීයන්
පෙරුමන් පුරනා සංසාරේ

වාරු නැගෙන් සිත වීරිය එන්නට
අතුරේ යනෙනා ගමනේ
හීන් සීරුවේ පහළ බසින් පුත
ගොම්මං අඳුරයි මග එන්නේ

Waru varu Nagen Sitha – Shelton Muthunamage sheltan

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists