Sanda Nathuwata

සඳ නැතුවට

Lyrics

සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ
පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ

ගහේ වැලේ ඇලේ දොලේ
පීදෙන්නට එපා මලේ
ගහේ වැලේ ඇලේ දොලේ
පීදෙන්නට එපා මලේ
මල් නැතුවට මට සුවඳින්
බිඳුවක් අඩු නෑ
බිඳුවක් අඩු නෑ

පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ

නෙත් කැල්මක එළිය දිගේ
හසරැල්ලක සුවඳ තිබේ

නෙත් කැල්මක එළිය දිගේ
හසරැල්ලක සුවඳ තියේ
ඔබ මා ළඟ සිටිනා තුරු
මට තනියක් නෑ
මට තනියක් නෑ
පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ

Sanda Nathuwata sada සද නැතු වට nathuvata ira nathuwata – Chandrika Siriwardena

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists