Lihinin Rena Piya Salanne

ලිහිණින් රෑන පියා සලන්නේ

Lyrics

ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
//

ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා
නුඹ කොතැනකද කියාලා
පෙර සේ මා සොයාලා මහ දේ ගිනි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්

ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

මට හිමි මනාලී පිට ගම් ගියාවේ
විරසක නොවෙනු කියාලා
විරසක නොවෙනු කියාලා
සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්

ලිහිණින් රෑන පියා සලන්නේ … //

Lihinin ලිහිනින් rana rena piya salanne mandaram wehi wahi – Priya Sooriyasena suriyasena

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists