Sikuru tharuwa raye
&

සිකුරු තරුව රැයේ

Lyrics

සිකුරු තරුව රැයේ
සිකුරු තරුව රැයේ අඳුර මකන අඟේ
හඳට අහස හිමිවන පෝදා
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා

අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා
නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා
අහසට පිපිමල් සේ පොළවට පරමල් හිමිවේ
පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා

සිකුරු තරුව රැයේ

සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
දිලිඳු මගේ හද අරණේ එළිය නිමෙනවා
ඔබනෙත් සඳ පහනේ සදළුතලේ සඳ සැඟවේ
ඔබ යලි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා

සිකුරු තරුව රැයේ

Sikuru Tharuwa tharuva Raye – Edward Jayakody & Charitha Priyadarshani Peiris

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists