Thaniwa Oba Ma Pamanai

තනිව ඔබ මා පමණයි

Lyrics

තනිව ඔබ මා පමණයි
සෙනෙහස සොයා
සොඳුරු මීදුම් සළු පටලා
අඳුරු මිහිළිය සැතපිලා
පුපුරු ගැහෙනා වියරු සීතල
අපට දැණුනේ නෑ

පිණි වැටී තුරු වැල් නොසොල්වා
අපට රහසින් දොඩන්නට ඉඩදී උන්නා
තුරුණු මැදියම තුරුල්ලට ගෙන
නිශා බොළඳිය මල් වරම දුන්නා

මත් බිඟුන් මිදෙනා විරාමෙන්
සමන් කැකුළක් විළි වැදී සැඟවී උන්නා
ලොවම මොහොතක් නිසල වී අද
අපම අප ළඟ තනි වෙලා උන්නා

තනිව ඔබ මා පමණයි
සෙනෙහස සොයා
සොඳුරු මීදුම් සළු පටලා
අඳුරු මිහිළිය සැතපිලා
පුපුරු ගැහෙනා වියරු සීතල
අපට දැණුනේ නෑ

Thaniwa thaniva Oba Maa Ma – Edward Jayakody

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists