Datha Depa lana

දෑත දෙපා ලන ගිගිරි සරින්

Lyrics

දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන් //

පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්

දෑත දෙපා ලන ගිගිරි සරින් …

නිදි යහනට වන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැලපෙන්
විදුලිය සේ යළි සිනහ නොවෙන්

දෑත දෙපා ලන ගිගිරි සරින් …

Datha Depalana Gigiri Sarin – Lakshman ලක්ෂ්මන් ලක්ස්මන් ලක්ශ්මන් Wijesekara

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists