Mahaththayo

මහත්තයෝ

Lyrics

මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර
මහත්තයෝ මට දැනෙනවා නුඹෙ සුසුමක තෙත
ඈත් වෙලා ඉන්නට බෑ මට නුඹ මඟ හැර
හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම

ඈත් වුණාමයි දැනුනේ නුඹෙ පෙම්බර බව
කාත් කවුරුවත් නෑ අද හදන්න ඒ හිත
පිඩෙන් පිඬ අනා නුඹ මට කැවූ බතේ රස
දැනෙන්නෙ මුළු ජීවිතේම වැරදුනු හින්දද

මහත්තයෝ මං දන්නවා …

තාත්තෙක් වගේ අර නුඹ අතගෑ ‍මගෙ හිස
තෝන්තුවාවෙන් පෙලෙනවා දෙවියොත් නෑ ළඟ
සැරෙන් වගේ නුඹ කී දෑ හරි මිහිරියි අද
මැරෙන්නවත් ළඟට එන්න ඉඩක් නැද්ද මට

මහත්තයෝ මං දන්නවා …

Mahaththayo mama dannawa – Sashika Nisansala shashika

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists