Ganga Ennako Ganga

ගංඟා එන්නකෝ ගංඟා

Lyrics

ගංඟා එන්නකෝ ගංඟා
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා

දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟෙන් දා ගිය සිරුර වාරු කර
දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟෙන් දා ගිය සිරුර වාරු කර
බලා සිටිද්දී මා අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ

ගංඟා එන්නකෝ ගංඟා

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිතව අකාලට මහළුව
පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිතව අකාලට මහළුව
හඬා වැටෙද්දී මා පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ

ගංඟා එන්නකෝ ගංඟා

Ganga Ennako Ganga – Abeywardana Balasooriya

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists