Nil Nuwan Piyawila

නිල් නුවන් පියවිලා

Lyrics

නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ

සෝ තැවුල් නිවා දමන්න මද හසින් බලා
දැනී සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා
ඈත මංතලේ දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා

නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ …

ඇඟිලි තුඩින් ලියා එවන කුරුටු මල් ලතා
සිහින ලොවක මා කැඳවා යයි නිමක් නොවේ
ඈත මංතලේ දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා

නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ …

Nil Nuwan nuvan Piyawila piyavila – Athula Sri Gamage

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists