සීතා

Lyrics

හදේ කුකුසක් සඟවා
නුඹ මගෙයි කියා සීතා
හිත දෙකොන තබා
මුළු ලොව වනසා
ගෙනියන්න එන්න එපා කිසිදා

කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ

ලොවක් කැළඹු මහ තේජස
පෙමක් ළඟදි සුනු විසුණු ව
යටි හිත් ආශා ඇතිමුත්
ඉවසන සීමා
උගනිමු රාවණාගෙන්

කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ

ඇඟිලි තුඩක දැවටිල්ලක්
නොමැති පෙමක රස ගුණක මං
පතිවත පිරා කුමටද
ගිනියම් පූජා
උගනිමු රාවණාගෙන්

කඳුළු බර මන්දාරමේ
මට දැනෙන ප්‍රේමාදරේ
අඳුර හුරු වූ මංතලේ
මට දැනෙන ප්‍රේමාදරේ
කඳුළු බර මන්දාරමේ
මට දැනෙන ප්‍රේමාදරේ

Seetha hade kukusak randawa radawa radava – Adithya Weliwatta

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists