කඳුලු පිසදාලන

lyrics

කඳුලු පිසදාලන සඟවාලන ‍
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්

නුඹේ සිනා මල් //

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතු‍ටු කඳුලු පිපේ
මල් යායක සිත්යාකල නුඹ මගේ දේවී

කඳුලු පිසදාලන…

අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිළීයන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන් තිස්පැය මල් යහනට වැඩපන් දේවී

කඳුලු පිසදාලන… //

Kandulu pisadalana – bandara athauda

More from Aveterone

Featured on

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists