නිලුපුලේ නිල දෙන්න

lyrics

නිලුපුලේ නිල දෙන්න මට
මම කඩුපුලක් පුබුදුවමි දවාලක
දොලේ දොලදුක කෙළවර කළ හැක
කඳුල මිදුලෙ වළලන දවසක
සෙනෙහසේ රස මවා ගන්න මට
උරහිසේ හිස තියාගන්න ඔබ

විලේ විල් දිය රැළේ රැලි පිට
හිතේ සිතිවිලි පාවෙන්නට හැර 
ඔබේ සුසුමේ මුසුවෙන්නට මට 
ගහක් ගලක් සේ නොසැලී ඉනු මැන
හෙවනක හෙවනැලි ගලපන දවසක

නිලුපුලේ නිල දෙන්න මට
මම කඩුපුලක් පුබුදුවමි දවාලක

මලක මල් වර මිහිර උරා බොන
කැලේ කොලේ බමරුන්ගේ වද විඳ
මලේ මළගම සිදුවන්නට පෙර
වදුළේ අයිතිය බාර දෙන්න මට 
කරදර දර වැට ගලවන දවසක

නිලුපුලේ නිල…..

nilupule nila denna – krishantha erandaka

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists