රජ්ජුරුවෝ උඩයි උඩයි

Lyrics

රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි
රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි
රජ්ජුරුවෝ … උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි
මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක්
රජ වුනි බාලේ

කොස් කොළ ගෙන ඔටුණු හදල
හිස පළඳින්නා
සිංහාසනයක් අටවා එහි රජ වෙන්නා
යුක්තිය පසිඳා ලන්නට නඩු විසඳන්නා
වැරදි හොයා රජු කාටත් දඬුවම් දෙන්නා

රජ්ජුරුවෝ උඩයි උඩයි …

එකෙක් ඇතෙකු වී රජු ඒ ඇතු පිට යන්නා
කෙසෙල් පතුරු කඩුව අරන් යුද්ධ කරන්නා
එකින් එකා පොරකාගෙන රජකම ගන්නා
ඒ රජකම ගෙනියන හැටි තවම නොදන්නා

රජ්ජුරුවෝ උඩයි උඩයි …

Rajjuruwo rajjuruvo udai udayi miti kollo bimai bimayi – Edward Jayakody edvard jayakodi

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists