එකම වීදියේ

Lyrics

එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී

සුදු හසඟන සේ හසරැල් ඉහලා
හඳ පායන සේ හද ගිනි නිවලා
ඔබ මා සුරතේ දසැඟිලි පටලා
දොඩමලු වීලා මට ඉඟි කරලා

හැන්දෑ යාමේ මා අතහැරලා
යන්නී ඔබ ඔබෙ කුටියට පෙරලා
කවුළුව අතරින් හසරැලි එලලා
මම යමි මගේ හිත ඔබ ළඟ තියලා

තනි යහනේ මා කෙසේ සිතන්නේ
මා හිත ඔබ ළඟ නොවෙද තියෙන්නේ
ඔබට හිතෙන දේ සිතට කියාදී
හෙට එන විට යලි රැගෙන වරෙන්නේ

එකම වීදියේ දෙතුන් වතාවක්…..

Ekama veediye vidiye widiye weediye -Priya Suriyasena sooriyasena

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists