තොටුපොල අයිනේ

Lyrics

තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ
කව්ද අත වනන්නේ තොටුපොල අයිනේ
තොටුපොල අයිනේ කව්ද අත වනන්නේ
කව්ද අත වනන්නේ තොටුපොල අයිනේ

හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පදුරේ හෙවනේ
හබල බිඳීලා හබල බිඳීලා පෙරළුනු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ ඒ දෙස නොබලමි
ඒ දෙස නොබලමි තොටුපොල අයිනේ කව්ද අතවනන්නේ

ආමඟ අදුරේ පෙරමඟ එගොඩින් තරු යුවලක් ඇවිලේ
ඔරු කඳ ඇතුලේ ඔරු කඳ ඇතුලේ නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි හෙට මම හිනැහෙමි
තොටුපොල අයිනේ කව්ද අතවනන්නේ තොටුපොල අයිනේ
කව්ද අත වනන්නේ කව්ද අත වනන්නේ තොටුපොල අයිනේ

Thotupala Ayine ine thotupola aine -Victor Rathnayake

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists